Tamil Fonts
 
 
 
 
 
 
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් විශිෂ්ඨතාව
 
ඉදිකිරීම් අංශයේ විශිෂ්ඨතාවයන් සඳහා වන වාර්ෂික සම්මාන පිරිනැමීම මඟින් සංකේතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් කර්මාන්තයේ තත්ත්වය සහ වෘත්තීමය භාවය නංවාලීම සඳහා එම ආයතනයේ  ඇති කැපවීමයි.  1990 වසරේ ආරම්භ කළ ඉදිකිරීම් විශිෂ්ඨතාවයන් සඳහා වන ජාතික සම්මාන ප්‍රධානය මඟින්, ඉදිකිරීම් කළමනාකරණය සහ සංවිධානයේ විශිෂ්ඨ වු කාර්ය භාර්ය, තාක්ෂණික විශිෂ්ඨත්වය සහ තත්ත්වයේ ඉහල තලයේ වෘත්තීමය භාවය, අත්කම් හා වෙළඳාම නංවාලීම සඳහා සහභාගී වීම සහ ඉදිකරීම් ව්‍යාපෘතීන්හි විශිෂ්ඨත්වය අත්පත් කර ගැනීම සඳහා නවතම හා සුදුසු තාක්ෂණය හඳුන්වා දිම වැනි කරුණු කාරණා හඳුනාගෙන ඇත.
 
ගොඩනැගිලි ව්‍යාපෘතීන් සඳහා පිරිනමණ ගොඩනැගිලි විශිෂ්ඨතා සම්මානය හැරුණු විට, වසර 2005 සිට මාර්ග පද්ධති, පාලම්, ජල සැපයුම් හා ජලාපවාහන පද්ධති ඉදිකිරීම අරභයා සිවිල් ඉංජිනේරු ව්‍යාපෘතීන් සඳහා ඉදිකිරීම් විශිෂ්ඨතාවය සඳහා ජාතික සම්මාන ප්‍රධානය කිරීම ඉදිකිරීම්, අභ්‍යාස හා සංවර්ධන ආයතනය මඟින් සිදු කර ඇත. 
 
ඉදිකිරීම් කර්මාන්තය සඳහා නවතම තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් ද ඉදිකිරීම්, අභ්‍යාස හා සංවර්ධන ආයතනය මඟින් සම්මාන ද ප්‍රධානය කරයි.  මෙම සම්මානය ප්‍රධානය කිරීමේ දී පිරිවැය හා කාලය පිරිමැසීම හඳුන්වා දි ඇති නවීන තාක්ෂණය, ශිල්පීයක්‍රම  භාවිතය පිළිබඳව වඩාත් සැළකිල්ලට භාජනය කර ඇත.
 
ඉංජිනේරු, වාස්තු විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය හා ඉදිකිරීම් කර්මාන්තය යන ප්‍රධාන මූලික ක්ෂේත්‍ර 4 ට අයත් විශිෂ්ඨ වෘත්තීයින් හඳුන්වාදීමේ වැඩ සටහන් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය මඟින් වසර 2011 සිට දියත් කර ඇත.  මෙය වසර 3 ට වරක් ප්‍රදානය කරන අතර, “ඉදිකිරීම් කර්මාන්තයේ විශිෂ්ඨයන් සඳහා සම්මාන ප්‍රදානය” නමින් හඳුන්වනු ලැබේ.
 
වසර 2012 දී “ගොඩනැඟිලි ව්‍යාපෘතීන් සඳහා, ඉදිකිරිම් කාර්ය සාධනය සඳහා සම්මාන ප්‍රදානය” නමින් ව්‍යාපෘතීයන් දියත් කර ඇත.  මේ සඳහා අයඳුම්පත් නිමකළ ගොඩනැඟිලි ව්‍යාපෘති මඟින් ලැබී තිබූ අතර, කාර්ය සාධන සම්මාන ප්‍රධානය සඳහා තෝරා ගැනීමේ සාමාන්‍ය නිර්නායනයන්ට අයඳුම් කිරීමට ප්‍රථමයෙන් ඒ වැඩිදුර  පරීක්ෂාව සඳහා පසුව උපදේශකයින්ගේ හා අවසන් පරිභෝජිකයින්ගේ අදහස් උදහස් විමසනු ලැබේ.
 
දිවයින පුරා ව්‍යාප්තව ඇති විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ප්‍රජා සහභාගිත්වය හඳුනාගැනීමට වසර 2012 දී තවත් සම්මාන ප්‍රදානයක් තෝරාගත් ප්‍රජා ව්‍යාපෘතීන් සඳහා  දියත් කර ඇත. 
 
2012 වසරේ අරඹන ලද නව ව්‍යාපෘතීන්ගේ තවත් ප්‍රධාන අංගයක් වන්නේ ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය සහ ඉදිකිරීම් පුහුණු හා සංවර්ධන ආයතනයේ  ඒකාබද්ධව ද නිමැවූවන් වන ජාතික හරිත ඉදිකිරීම් සම්මාන ප්‍රධනයයි.  ඉදිකිරීම් වටාපිටාවේ මුල් කී අංග කිහිපයක්වන තිරසාර භූමිය, බලශක්ති කාර්යක්ෂමතාවය, ගෘහස්ත පාරිසරික තත්ත්වයන් සහ අපද්‍රව්‍ය කළමනාකරණය සහ තිරසාරත්වය පිළිබඳ  ඇගයීමක් එමඟින් සිදු කර ඇත.
 
වර්තමානයේ සිදු කරනු ලබන අනෙකුත් වාර්ෂික සම්මාන ප්‍රදානයන් වන්නේ, ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා කාරය සාධන සම්මානය සහ  තෝරා ගත් ප්‍රජා ව්‍යාපෘති සඳහා පිරිනමණු ලබන සම්මානයයි.
 
 
1) සම්මානය සඳහා අයදුම් කළ හැක්කේ කාට ද?
 
සම්මාන සඳහා අයදුම්කරුවන් : ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ජාතික ලියාපදිංචි ලැයිස්තුවේ සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ශ්‍රේණිගත කිරීමේ සංචිතයේ ලියාපදිංචි වී සිටිය යුතුය.
කිසියම් හෝ රාජ්‍ය ආයතනයක් මගින් නිකුත් කර ඇති කොන්ත්‍රාත්කරුවන්ගේ තහනම් ‍ හෝ අසාදු ලේඛනයක අඩංගුව නොතිබිය යුතුය.
 
 
 
 
  Construction Industry Development Act No - 33 of 2014  
 
© CIDA 2009. All Rights Reserved. Solution by Sri Lanka Telecom (Services) Ltd.