Tamil Fonts
 
 
 
 
 
 
ඉදිකිරීම් උපකරණ පුහුණුව (CETRAC)
 
අළුත්වැඩියා කටයුතු, නඩත්තු සහ ඉදිකිරිම් උපකරණ කළමනාකරණය සහ අනෙකුත් ඉන්ජිනේරු අංශයන්හි වැඩ සඳහා නිරත වී සිටින පුද්ගලයින්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ මිනිස් සම්පත වර්ධනය කිරීම සඳහා වූ ප්‍රධාන ආයතනය වශයෙන් ඉදිකිරීම් උපකරණ පුහුණු මධ්‍යස්ථානය (CETRAC) ක්‍රියාකරයි.
 
මෙම මධ්‍යස්ථානය JICA (ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) විසින් 1997 වසරේදී ස්ථාපිත කර 2001 වසරේදී ICTAD කළමනාකරණයට භාර දෙන ලදී.  එතැන් පටන් CETRAC තම කිර්තිය පැසල් හැර යන්නවුන් පුහුණු කිරීම, ඉදිකිරීම් උපකරණ න‍ඩත්තුව හා කළමනාකරණ වෘත්තිකයින් හා සේවකයින් පුහුණුව සහ අනෙකුත් ඉන්ජිනේරු අංශයන්හි  පතුරුවා ඇත.
 
ඉදිකිරීම් උපකරණ අළුත්වැඩියාව සහ නඩත්තුවට අදාල සියළුම අංශයන් පුහුණු කිරීම සඳහා විවිධාකාර වූ නවීන ජපන් උපකරණ CETRAC සතුය.  නවීන පහසුකම් වලට ගැ‍ළපෙන පරිදි පුහුණුව සම්පත් දායකයින් සංචිතයකට ජපානයේදී ලබාදී ඇත.  පුහුණු වන්නන් හට නවාතැන්, සම්මන්ත්‍රණ, ආපනශාලා සහ විනෝද කටයුතු සඳහා පහසුකම් ද  සපයා දී ඇත.
 

වාර්ෂිකව පුහුණු වැඩසටහන්

 

 

පාඨමාලාවේ නම

පාඨමාල

අංකය

දින

ගණන

කා සඳහා ද

1 ඉදිකිරීම් උපකරණ භාවිතය 10CPM 05 ව්‍යාපෘති කළමනාකරුවන්/ සිවිල් ඉන්ජිනේරුවන්
2 ඉදිකිරීම් උපකරණ නඩත්තුව 10CEM 05 වැඩ මුළු කළමනාකරුවන්/ යාන්ත්‍රික ඉන්ජිනේරුවන්
3 ඉදිකිරීම් උපකරණ නඩත්තුව අධීක්ෂණය (සම්ප්‍රේෂන හා                     ද්‍රාව උපකරණ) 10SUP1 05 වැඩමුළු අධිකාරීන්/
අධීක්ෂකයින්
4 ඉදිකිරීම් උපකරණ නඩත්තුව අධීක්ෂණය (එන්ජින් හා                        මිකැට්‍රොනික්ස්) 10SUP2 05 වැඩමුළු අධිකාරීන්/ෆෝමන්වරු
5 ඩීසල් එන්ජින් නඩත්තුව 10M31 10 ජ්‍යෙෂ්ඨ යාන්ත්‍රික කාර්මිකයින්
6 ද්‍රාව සහ මිකැට්‍රොනික්ස් පද්ධති නඩත්තුව 10M32 10 ජ්‍යෙෂ්ඨ යාන්ත්‍රික කාර්මිකයින්
7 ඩීසල් ඉන්දන පද්ධති නඩත්තුව හා මෝචන පාලනය (PT පම්ප්ස්) 10M33 05 ජ්‍යෙෂ්ඨ යාන්ත්‍රික කාර්මිකයින්
8 විදුලි පද්ධති නඩත්තුව 10M34 04 ජ්‍යෙෂ්ඨ මෝටර් රථ තාක්ෂණ ශිල්පීන්
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Construction Industry Development Act No - 33 of 2014  
 
© CIDA 2009. All Rights Reserved. Solution by Sri Lanka Telecom (Services) Ltd.