Tamil Fonts
 
 
 
 
 
 
ඉදිකිරීම් උපකරණ ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම.
 
ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධනය ආයතනයේ සහාය සමඟින් 1982 වසරේදී ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.  මෙම පුහුණු ආයතනය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතෙහි ස්ථාපිත කර ඇති අතර එහි ඉදිකිරීම් උපකරණ ක්‍රියාකරුවන් සහ අදාල පුද්ගලයින් හට පුහුණුව ලබා දීමට අවශ්‍ය සියළු පහසුකම් වලින් සමන්විත වේ.  පුහුණුකරුවන් මනා යෝගතාවයකින් හෙබි පුහුණු උපකරණ 60 පමණ ඇණියකින් පුහුණු අංශය සමන්විත වෙයි. යන්ත්‍ර සූත්‍ර නිදහසේ භාවිතය පුහුණු වීම සඳහා විශාල ප්‍රායෝගික පුහුණු ක්ෂේත්‍රයක් මෙම අංශය සතුය.  නවාතැන් පහසුකම්, ආපනශාලා සහ විනෝද කටයුතු සඳහා පහසුකම් නේවාසික පුහුණු වන්නන් හට ලබා දෙයි.  මෙම මධ්‍යස්ථානයෙහි පුහුණු වන්නන් හට මෙරට හෝ විදේශයන්හි සාර්ථක ලෙස ඵලදායී රැකියා අවස්ථාවන්ට දොර විවෘත වෙනු ඇත.
 
 
පුහුණු ක්‍රමෝපායන්
 
ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ පවත්වනු ලබන පුහුණු පාඨමාලා මඟින් ඉදිකිරීම් උපකරණ භාවිතාවේ ආරක්ෂණය, නඩත්තුව සහ ක්‍රියාකරවීමේ විදික්‍රම යන අංශ ආවරණය කෙරේ.  පළමු වන අදියරේදී 70% ක් පමණ කාළයක් ක්‍රියාකරවීමේ ශිල්පීය දැනුම ලබා ගැනීම සඳහා වෙන් කර ඇති අතර ඉතිරි 30% ක් පමණ න්‍යායාත්මක පුහුණුව සඳහා වෙන් කර ඇත.  දෙවන අදියරේ දී පුහුණුවන්නන්  රැකියා පුහුණුව සඳහා අවතීර්ණ වන අතර එහිදී පුහුණු මධ්‍යස්ථානයේදී ලබා ගත් දැනුම වඩාත් ශක්තිමත් කර ගනී.  මෙම පුහුණුව අවසන් වීමත් සමඟම පුහුණුකරුවන් අවම වෘත්තීය නිපුණතා මට්ටමට ලඟා වනු ඇත.  දෙවන අධියරයෙදී පුහුණු වන්නන් රැකියා පුහුණුව සඳහා අවතීර්ණ වන අතර එහිඳී පුහුණු මධ්‍යස්ථානයේදී ලබා ගත් දැනුම වඩාත් ශක්තිමත් කර ගනී. 
 
 
ක්‍රියාකරු පුහුණු කිරීමේ පාඨමාලා
 
වර්ගය පාඨමාලාවේ නම

ඇතුලත් වීමේ

සුදුසුකම්

කාලය

(දින)

පාඨමාලා
ගාස්තු

(රු.)
මූලික පුහුණුව 1.1 මූලික ඉදිකිරීම්
      උපකරණ නඩත්තුව (BACEM)
සාමාන්‍ය අධ්‍යාපනය 05 5000.00
  2.1 සැහැල්ලු ඉදිකිරීම් උපකරණ BACEM සහතිකය 06 5500.00
 
 
 
 
 
 
  Construction Industry Development Act No - 33 of 2014  
 
© CIDA 2009. All Rights Reserved. Solution by Sri Lanka Telecom (Services) Ltd.