Construction Industry Development Authority

Ministry of Urban Development, Construction and Housing




කළුතර දිස්ත්‍රික් ඉදිකිරීම් ආරවුල් විසදීමේ උපදේශන සේවා ජංගම වැඩසටහන

19 09 2023 - 14:30 PM

කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ කළුතර දිස්ත්‍රික් උපදේශන සේවා ජංගම වැඩසටහන පසුගිය දා  කළුතර, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබයි.

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම මෙම ජංගම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල විය. ඉන් පීඩාවට පත්වු මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ආරවුල් විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නොමිලේ මෙම උපදේශන වැඩසටහන පවත්වනු ලබයි.

මීට සමගාමීව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් නිපුණ ඉදිකිරීම් ශිල්පී හැදුනුම්පත ලබා දීම සදහා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යංශ ලේකම්වරයා මෙසේ පැවසීය.

“ඉදිකිරීම් ක්ෂේත්‍රයට වගකියන මෙරට එකම කැබිනට් අමාත්‍යංශය වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයයි. ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපතිවරයා විසින් පසුගිය කාලය තුළ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත ප්‍රධාන කමිටු 6 ක් පත් කළා. එම කමිටු රැස් වෙලා මේ සදහා ගත හැකි පිළියම් සාකච්ඡා කළා. ඒ සදහා ජනාධිපතිතුමාගේ, මහා භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යංශයේ සියලු දෙනාගේම සහයෝගය හිමිවුණා. ඒ අනුව රටේ ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා ගත හැකි යෝජනා 50 ක් හදුනා ගැනීමට අපිට පුළුවන් වුනා. ඉන් යෝජනා 13 ක් කඩිනමින් ඉටුකළ යුතු කාරණා ලෙස ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළා. එම නිසා 2024 අයවැය තුළින් ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම නැතිකොට නව මගකට හරවන්න අවශ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දෙයි කියලා අප බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසීය.

කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ, දොඩන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් අනීෂා ශිරෝමාලා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) වජිරා අබේවර්ධන, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජි.ආර්. එච්. රුවිනිස්, අධ්‍යක්ෂ ජනරාල් ඉංජි.එස්.කේ.එස්. අමරසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දු, අධ්‍යක්ෂිකා චන්දිමා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
2570158