නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්
ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරතව සිටින ලක්ෂ 13 ක් වූ ඉදිකිරීම් ශිල්පීන් රැක ගැනීම සිය අමාත්‍යාංශයේ වගකීම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.
කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු මෙරට ඉදිකිරීම් කර්මාන්තය නැවත ඉහළට ගැනීම සදහා සිය අමාත්‍යාංශය මේ වනවිටත් සැලසුම් සකස්කර අවසන් බවද ඔහු සදහන් කලේය.
මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දිය යුතු බවද ඔහු පැවසීය.
ගාල්ල , වක්වැල්ලේ පිහිටි දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේදී පසුගියදා පැවති කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ ගාලු දිස්ත්‍රික් උපදේශන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA), ජාතික ඉදිකිරීම් සංගමය සහ ඉන්සි සිමෙන්ති සමාගම එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබයි.
දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නියාමකයා ලෙස, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථිකය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. නමුත් කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්රයට විශාල බලපෑමක් එල්ල විය. රට මුහුණ දුන් ආර්ථික ගැටලු මත සිය ව්‍යාපෘති අවසන් කර ගැනීමට නොහැකිව කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ ආරවුල් විසඳාගත නොහැකිව පීඩාවට පත්ව සිටී. ඒ අනුව ඔවුන්ගේ එම ආරවුල් විසඳීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ මෙම උපදේශන වැඩසටහන පවත්වනු ලබයි.
මෙහිදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිපුණ ඉදිකිරීම් ශිල්පී හැදුනුම්පත ලබා දීම සදහා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමද සිදු කෙරිණි.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච්. රුවිනිස්, අධ්යක්ෂ ජනරාල් සංජීව ජයසුන්දර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් එස්. අලහකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඒ. රණසිංහ, ගාලු දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසේකර, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල්, ඉන්සි සිමෙන්ති සමාගමේ බාහිර සම්බන්ධතා හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
ප්රවෘත්ති...
17 04 2023 - 11:30 AM
CITY NEWS - April 2023...
07 04 2023 - 21:00 PM
One Day Workshop for Engineers, Project Managers,...
29 03 2023 - 13:30 PM
One day Programme on Use of Timber for the...
20 03 2023 - 10:30 AM