නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය තුමා විසින් සිදුකරන ලද ගල්කුලම ඉදිකිරීම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පී විදුහලේ ප්‍රථම නිරීක්ෂණ චාරිකාව 2025.01.30 දින නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා සහ ගරු ලේකම් රංජිත් ආරියරත්න මහතා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට අයත් අනුරාධපුර, ගල්කුලම පිහිටි ඉදිකිරීම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පී විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම විදුහල වර්ෂ 1982 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉදිකිරීම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පී පුහුණු මධ්‍යස්ථානය වන අතර මෙම ක්ෂේත්‍රයේ ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව තහවුරු කරමින් යන්ත්‍රෝපකරණ හැසිරවීම පිළිබද විධිමත් පුහුණුවක් ලබාදෙන ආයතනයකි. මෙමගින් වර්තමානයේ රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, උසස්පෙළ වෘත්තීය විෂයධාරාවේ සිසුන්, පුද්ගලික ආයතන සහ පුද්ගලික අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් වෙත සේවා සපයනු ලබයි.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී යන්ත්‍රෝපකරණ පුහුණුව සහ මෙම පුහුණු වැඩසටහන් පිළිබදව තවදුරටත් මහජනතාව දැනුවත් කරමින් වාර්ෂික පුහුණුලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය නිපුණ ශ්‍රමබලකාය සංවර්ධනය කිරීම, විරැකියාව හා දිලිඳුබව තුරන්කිරීම හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලදී. උසස්පෙළ වෘත්තීය විෂයධාරාව තුළින් (13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන) සාමාන්‍යපෙළින් පසු විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා මෙම ක්ෂේත්‍රයේ සුදුසුකම්ලත් පුහුණු ශ්‍රමිකයෙකු ලෙස සමාජගතවීමට අවස්ථාව සලසාදීම ඉතා අගය කරන ලදී. මෙහිදී ගරු අමාත්‍යතුමා ඇතුළු පිරිස පුහුණුලාභීන් සමග සුහද සාකච්ඡාවකද නිරත වී මෙම පුහුණු අවස්ථා පිළිබඳ අදහස් විමසා එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස උපදෙස් දෙන ලදී.
Katharagama Circuit Bungalow is temporarily...
06 03 2025 - 16:21 PM
Certificate Course in Quantity Surveying...
06 03 2025 - 15:30 PM
Diploma in Quantity Surveying...
06 03 2025 - 15:30 PM
One Day Seminar on Water Conservation and...
05 03 2025 - 10:30 AM