|
කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය සඳහා අයැදුම් කරන්නේ කෙසේද? |
|
C 1 – C 10 ශ්‍රේණි |
|
අප ආයතනයේ ප්‍රධාන කාර්යාල බිම් මහලේ ස්ථාපිත තොරතුරු මධ්‍යස්ථානයෙන් අයදුම් පත් පෝරමයන් හා ඊට අදාල නිර්නායකයන් මිලදී ගත හැක. නියමිත ආකාරයන් සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආධාරක ලිපිලේඛන ද සමඟ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානය වෙත බාරදිය යුතුය. අයදුම්පත් සහ අනෙකුත් ලේඛන තොරතුරු මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව එයට අදාළව යොමු අංකයක් නිකුත් කරනු ලැබේ. |
|
ඉහළ ශ්‍රේණි ( C – 6 සිට ඉහළට) ක්‍රියාවලියට අදාල අයදුම්පත් සඳහා වන සාමාන්‍ය කාලය සති 02 ක් වන අතර පහළ ශ්‍රේණි සඳහා කාලසීමාව සති 02 ක් වේ. එම ක්‍රියාවලිය අතිරේක ගෙවීමක් සිදු කිරීමෙන් කඩිනම් කර ගත හැක. අදාළ ශ්‍රේණිය මත එම අමතර ගාස්තුව තීරණය වේ. ටෙන්ඩර් දැන්වීමේ පිටපතක් මේ සඳහා ඉදිරිපත් කළ යුතුය. මෙම ක්‍රියාවලියේ ප්‍රමාදයට අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් නොකරීම හේතුවක් විය හැකි බව කාරුණිකව අවධාරණය කෙරෙනු ඇත. |
|
දුරකථනය |
: |
011-2699801 Extension 318 |
ෆැක්ස් |
: |
011-2686089 / 2699738 |
ඊමේල් |
: |
ictadddev@sltnet.lk |
|
|
|
C 11 ශ්‍රේණිය කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්/ ව්‍යවසායකයින් |
|
කුඩා පරිමාණ ව්‍යවසායකයින් හා කොන්ත්‍රාත්කරුවන් සඳහා ලියාපදිංචියට අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කළ වහාම ලබා ගත හැක. |
|
දුරකථනය |
: |
011-2699801 Extension 319 |
ෆැක්ස් |
: |
011-2686089 / 2699738 |
ඊමේල් |
: |
ictadddev@sltnet.lk |
|
|